Gossips

අගමැති සහ හිටපු ජනපති දිවයිනට

වියට්නාමයේ පැවති ආසියානු රාජ්‍ය නායක සමුළුවට සහභාගි වීම සදහා එහි ගොස් සිටි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ඇතුළු දූත පිරිස තුන් දින සංචාරය නිමාවට පත් කර ඊයේ 13 දින රාත්‍රී 10.15 ට තායිලන්තයේ බැංකොක් නුවර සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්. 407 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබෙනවා.
මේ අතර හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සිය ඉන්දීය සංචාරය නිමා කර ඊයේ 13 දින රාත්‍රී 10.30 ට ඉන්දියාවේ නව දිල්ලි නුවර සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 196 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබෙනවා.
ඔහු ඉන්දියාවේ භාරතීය ජනතා පක්ෂයේ ආරාධනාවක් මත ඉන්දියාවට ගොස් සිටි අතර , එහිදී ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ද හමුවී සාකච්ඡා පැවැත්වුවා.