Gossips

වෙඩි තැබීමේ සිද්ධියෙන් සරසවි සිසුවෙක් මියයයි

පුදුකුඩුඉරිප්පු වෙඩි තැබීමේ හා පහරදීමේ සිද්ධියෙන් තුවාල ලැබූ සරසවි සිසුවෙකු මියයයි
මුලතිව් – පුදුකුඩුඉරිප්පු – කෝම්බාවිල් ප්‍රදේශයේ සිදුවූ වෙඩි තැබීමේ සිද්ධියෙන් බරපතල තුවාල ලබා සිටි තරුණයෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.
ඊයේ පස්වරුවේ අනුරාධපුර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මෙලෙස මියගොස් ඇත්තේ 28 හැවිරිදි සරසවි සිසුවෙකු බවයි හිරු වාර්තාකරු සදහන් කළේ.
මුලතිව් – පුදුකුඩිඉරිප්පු – කෝම්බාවිල් ප්‍රදේශයේදී පසුගිය අගහරුවාදා රාත්‍රියේ සිදුවූ වෙඩි තැබීමකින් හා පහරදීමකින් පුද්ගලයින් සිව් දෙනෙකු තුවාල ලැබුවා.
පෞද්ගලික ආරවුලක මත නිවසකට කඩා වැදුණු පිරිසක් එහිදී නිවැසියන් වෙත කඩු ප්‍රහාර එල්ල කර තිබූ අතර, එම අවස්ථාවේ නිවසේ සිටි පුද්ගලයෙකු ඔවුන්ට ගිනි අවියකින් වෙඩි තබා ඇති බව ද පොලීසිය සඳහන් කළා.
සිද්ධියට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකු පසුව පොලීසිය අත්අඩංගුවට ගනු ලැබුවා.