Gossips

හොංකොං වෙත ප්‍රබල සුළි සුළගක්

මෑන්ග්කුට් ලෙස නම් කෙරුණු ප්‍රබල සුළි සුළගක් මෙම සති අන්තයේ හොංකොං දිවයින වෙත කඩා වදින බව කාලගුණ විද්‍යා අංශ ප්‍රකාශ කළා.
එය දශක ගණනාවකින් හොංකොං වෙත පැමිණෙන ප්‍රබලතම චණ්ඩ මාරුතය ලෙසයි සැලකෙන්නේ.
පැයට කිලෝමීටර් 240 ක වේගයක් සහිත මෙම සුළි සුළග 1962 වසරේ ඇති වූ වන්ඩා නමැති සුළි සුළගට මෙන්ම, පසුගිය වසරේ විශාල හානියක් සිදුකළ හටෝ සුළි සුළගට වඩා ප්‍රබල බව හොංකොං කාලගුණ විද්‍යා ආයතනය ප්‍රකාශ කළා.
මෑන්ග්කුට් සුළි සුළගින් හොංකොං දේශයට මෙන්ම පිලිපීනයට ද බලපෑමක් ඇතිවිය හැකි බව එමගින් කියා සිටියා.