Gossips

කොල්ලු පිටියේ විශාල මුදලකට සම්භාහන කටයුතු සිදුවන තැන මෙන්න

සම්බාහන කටයුතුවල නිරතවූ තරුණියන් 14 ක් අත්අඩංගුවට
කොල්ලුපිටියේ ප්‍රසිද්ධ හෝටලයක සම්බාහන කටයුතුවල නිරතව සිටි තායිලන්ත තරුණියන් 14 දෙනකු ආගමන විගමන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් ඊයේ (13) අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අත්අඩංගුවට ගත් මෙම තරුණියන් බොහෝ දෙනෙක්‌ සංචාරක වීසා වලින් මෙරටට පැමිණි අය බව ආගමන විගමන දෙපාර්තමේන්තුවේ සහකාර පාලක විමර්ශන එම්. ජී. වී. කාරියවසම් පවසනවා.
අවුරුදු 20 සිට 45 දක්‌වා වයස්‌ කාණ්‌ඩවල මෙම තරුණියන් කොල්ලුපිටිය ප්‍රසිද්ධ හෝටලයක නතර වී සිට සම්බාහන කටයුතුවල නිරතවන අතර මොවුන් සම්බාහන කටයුත්තක්‌ සඳහා රුපියල් ලක්‍ෂ දෙකක පමණ මුදලක්‌ අයකරන බව ද අනාවරණය වී තිබෙනවා.
ඔවුන් ආගමන විගමන දෙපාර්තමේන්තුවේ මිරිහාන කඳවුරේ රඳවා ඇති අතර ඔවුන් රටින් පිටුවහල් කිරීම සඳහා ආගමන විගමන නිලධාරීන් වැඩිදුර විමර්ශන කටයුතු සිදුකරනු ලබනවා.