Gossips

ධනුෂ්ක ගුණතිලකට ආසියානු කුසලාන තරගාවලිය අහිමි වෙයි

එළඹෙන ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියෙන් ශ්‍රී ලංකා කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක ඉවත් කර තිබෙනවා.
ඒ ආබාධ තත්වයක් හේතුවෙන්.
ඒ අනුව ඔහු ප්‍රතිකාර ලබා ගැනීම සඳහා යළිත් ශ්‍රී ලංකාව බලා පිටත්වනු ඇති බවයි ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය සඳහන් කළේ.
ධනුෂ්ක ගුණතිලක වෙනුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කිරීම සඳහා ශෙහාන් ජයසූරිය නම්කර තිබෙනවා.
ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය ලබන 15 වනදා ආරම්භ වීමට නියමිතයි.
පළමු තරගය ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර ඩුබායිහිදී පැවැත්වෙනු ඇති.