Politics Sri Lanka

ලසන්ත ඝාතනය ගැන රහස් ප්‍රකාශයක්

ලසන්ත ඝාතනය ගැන රහස් ප්‍රකාශයක්

මාධ්‍යවේ දී ලසන්ත වික්‍රමතුංග ඝාතනය සම්බන්ධයෙන් අධිකරණය හමුවේ රහස් ප්‍රකාශයක් ලබා දීමට තමන් සූදානම් බව ගල්කිස්ස කොට්ඨාශ භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී හේමන්ත අධිකාරී මහතා ඊයේ (16) ගල්කිස්ස මහේස්ත්‍රාත්වරයා හමුවේ ප්‍රකාශකර තිබේ.

නීතිඥ අතුල රණගල මහතා මාර්ගයෙන් අධිකරණය වෙත කරුනු ඉදිරිපත් කළ ඒ මහතා මේ බව ප්‍රකාශ කර ඇත්තේ ලසන්ත වික්‍රමතුංග ඝාතන නඩුව ඊයේ විභාගයට ගැනුණු අවස්තාවේදීය.

මෙම නඩුව සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගැනුණු නියෝජ්‍ය පොලිස්පති ප්‍රසන්න නානායක්කාර සහ ගල්කිස්ස පොලිසියේ අපරාධ අංශයේ හිටපු ස්ථානාධිපති උපපොලිස් පරීක්ෂක තිස්ස සුගතපාල යන දෙදෙනා මාර්තු දෙවෙනිදා තෙක් යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර ඇත.