Gossips

ඉරාන යුද නෞකා 03ක් කොළඹ වරායට පැමිණෙයි (ඡායාරූප)

ඉරාන නාවික හමුදාවට අයත් යුද නෞකා 03ක් කොළඹ වරායට පැමිණ තිබෙනවා.
බයර්ඩර්, නග්ඩි, ටොන්බ් යන නෞකා ත්‍රිත්වය මෙරටට පැමිණ ඇත්තේ සුහද සංචාරයක් සඳහායි.
කොළඹ වරායට පැමිණීමෙන් අනතුරුව ඉරාන නාවික හමුදා නිලධාරීන් සහ ශ්‍රී ලංකා නාවික හමුදාව අතර සමරු තිළිණ හුවමාරුවක් ද සිදුව තිබෙනවා.
ශ්‍රී ලංකා නාවික හමුදාව සංවිධානය කරන සංස්කෘතික සංදර්ශන, සුහද ක්‍රීඩා තරඟ ඇතුළු වැඩසටහන් රාශියකට මොවුන් සහභාගිවීමට නියමිතයි.
දින 04ක් මෙරට රැදී සිටින ඉරාක නාවික හමුදාවට අයත් නෞකා 03 ලබන 19 වන දා දිවයිනෙන් පිටත්ව යාමට නියමිත බවයි නාවික හමුදාව ප්‍රකාශ කළේ.