Gossips

බෙලිඅත්තට සහ මුල්කිරිගලට නිදහස් පක්ෂයෙන් නව ආසන සංවිධායකවරුන්

හම්බන්තොට දිස්ත්‍රික්කයේ – බෙලිඅත්ත ආසනයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නව සංවිධායකවරයා ලෙස නීතිඥ උපාලි මොහොට්ටි පත් කර තිබෙනවා.
ජනාධිපති කාර්යාලයේදී ඔහුට අදාළ පත්වීමේ ලිපිය ජනාධිපතිවරයා විසින් ලබාදුන් බවයි ජනාධිපති මාධ්‍ය ඒකකය සදහන් කළේ.
මේ අතර, මුල්කිරිගල ආසනයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නව සංවිධායකවරයා ලෙස දකුණු පළාත් ධීවර අමාත්‍ය ඒ.ඩබ්ලිව්. ගුණසේන පත් කර තිබෙනවා.