Gossips

ජපන් ගගනගාමියෙකු අභ්‍යාවකාශයේ ඇවිදී

ජපාන ජාතික ගගනගාමියෙකු ඊයේ (16) ප්‍රථමවරට අභ්‍යාවකාශයේ ඇවිදීමකට එක්වුණා.
අන්තර්ජාතික ගගන මධ්‍යස්ථානය වෙත ගොස් සිටින ජපාන ගගනගාමී නොරිෂිගේ කනායි මෙලෙස ඉන් පිටතට ගොස් අභ්‍යාවකාශයේ ඇවිදීමට එක්වූයේ ඇමරිකානු ගගනගාමී මාක් වැන්ඩේ හේ සමඟයි.
අප්‍රිකාවට සැතපුම් 250ක් පමණ ඉහළින් වූ අභ්‍යාවකාශයේ ගමන් ගන්නා විට මොවුන් අන්තර් ජාතික ගගන මධ්‍යස්ථානයෙන් පිටතට පැමිණ එහි රොබෝ හස්තය අලුත්වැඩියා කිරීමට කටයුතු කර තිබෙනවා.