Gossips

කතානායකවරයා, ඉන්දියාවේ කොංග්‍රස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨයින් හමුවෙයි

ඉන්දියාවේ සංචාරයක නිරත කතානායක කරූ ජයසූරිය ඉන්දියානු කොංග්‍රස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් හමුවී තිබෙනවා.
කතානායක කාර්යාලය සදහන් කළේ කොංග්‍රස් පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අකිලේශ් ප්‍රතාප් සිං, පන්ජාබ් ප්‍රාන්තයේ හිටපු කැබිනට් අමාත්‍යවරයෙකු වන ප්‍රතාප් සිං ඇතුළු තවත් නියෝජිතයින් රැසක් මෙම හමුවට එක්ව සිටි බවයි.
එහිදී දෙරට අතර, දේශපාලන සහ ආර්ථික වශයෙන් වැදගත් වන කරුණු රැසක් පිළිබදව සාකච්ඡා වී තිබෙනවා.