Gossips

අමාත්‍යවරුන් ජනාධිපති ලේකම් කාර්යාලයට

ජනාධිපතිවරයා කැඳවූ විශේෂ කැබිනට් රැස්වීමට සහභාගී වීම සඳහා අමාත්‍යවරුන් ජනාධිපති ලේකම් කාර්යාලයට පැමිණියා.
සියලුම අමාත්‍යවරුන්ට මෙම විශේෂ කැබිනට් රැස්වීමට සහභාගිවන ලෙස ජනාධිපති කාර්යාලය ඊයේ පස්වරුවේ දුරකථන මගින් දැනුම් දුන් බවයි රජයේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයෙකු හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී සඳහන් කළේ.
මෙම විශේෂ කැබිනට් රැස්වීම පැවැත්වෙන්නේ කුමන කාරණයක් සම්බන්ධයෙන්ද යන්න ඇමතිවරුන්ටද දැනුම්දී නොමැති බවයි වාර්තාවන්නේ. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ඇතුලූ කැබිනට් අමාත්‍යවරුන් වන මලික් සමරවික්‍රම, රංජිත් මද්දුමබණ්ඩාර, දුමින්ද දිසානායක, ගයන්ත කරුණාතිලක, රවුෆ් හකීම්, නිමල් සිරිපාල ද සිල්වා සහ මනෝ ගනේෂන් මේ වනවිට නිල සංචාරවල නිරතවනවා.
මේ අතර සතිපතා කැබිනට් රැස්වීම ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් පෙරේදා පැවැත්වුණා.