Gossips

අතුරුදන්වූ ධීවරයින් සොයන්න විශේෂ ධීවරයින් කණ්ඩායමක්

ගාල්ලට බටහිර මුහුදේ සැතපුම් 30 ක් දුරින් නෞකාවක ගැටී අනතුරට ලක්වූ යාත්‍රාවේ සිටි ධීවරයින් දෙදෙනා සෙවීම සඳහා නාවික හමුදා විශේෂ කිමිඳුම් කණ්ඩායමක් එම ස්ථානයට පිටත් කර හැර තිබෙනවා.
නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කමාන්ඩර් දිනේෂ් බණ්ඩාර සඳහන් කළේ ඩෝරා යාත්‍රාවක් ද තවදුරටත් එම මුහුදු සීමාවේ අතුරුදන්වූ ධීවරයින් සොයා මෙහෙයුම් සිදුකරන බවයි. කෙසේ වෙතත් අනතුර සිදුකළ නෞකාව කුමන රටකට අයත් එකක්ද යන්න මෙතෙක් අනාවරණ වී නැහැ.
මෙම අනතුරින් ධීවරයන් හතරදෙනෙකු මියගිය අතර, ඔවුන් සියලූදෙනාම බලපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවන් බවට තොරතුරු ලැබී තිබෙනවා.
මොවුන්ගේ සිරුරු නාවික හමුදාව ඊයේ රැගෙනවිත් පසුව පොලීසියට භාරදුන් අතර මේ වනවිට එම මළ සිරුරු කරාපිටිය ශික්ෂණ රෝහලේ තැන්පත් කර ඇති බව සඳහන්.
මෙම අනතුර පිළිබඳව සැල වීමත් සමඟ මියගිය ධීවරයින්ගේ ඥාතීන් කරාපිටිය ශික්ෂණ රෝහලට පැමිණියා.
බේරුවලින් මුහුදු ගිය ධීවර යාත්‍රාවක නෞකාවක් ගැටී තිබුණේ පෙරේදා රාත්‍රියේයි. විශාල නෞකාවක් සිය යාත්‍රාවේ ගැටෙමින් ගමන් කළ බවයි ‘‘මලිඳු පුතා’’ නැමති එම යාත්‍රාවේ සිට දිවි ගලවාගත් 26 හැවිරිදි එරන්ද පුෂ්පකුමාර කියා සිටියේ.