Gossips

බිරිඳ ඝාතනය කර සියදිවි නසාගැනීමට ගිය සැමියා අල්ලයි

හෝමාගම අතුරුගිරිය පාරේ 3 වන පටුමගෙහි නිවසක් තුළදී තම බිරිඳ ඝාතනය කර, නිවස ඉදිරිපිට මාර්ගයේ දෙල් ගසක එල්ලී සිය දිවි හානි කර ගැනීමට තැත් කල පුද්ගලයෙකු ප්‍රදේශවාසීන් විසින් බේරා ගෙන තිබෙනවා.
පසුව ඔහු ඊයේ (12) සවස හෝමාගම මූලික රෝහලට ඇතුලත් කර ඇති බව හෝමාගම පොලිසිය ප්‍රකාශ කළා.rn

මෙම අඹු සැමියන් දෙදෙනා අතර කාලයක සිට පැවැති අනියම් ඇසුරවල් සම්බන්ධයෙන් ඇති වූ බහින් බස් වීමක් දුර දිග ගොස් මෙලෙස සැමියා විසින් බිරිඳගේ ගෙල වයරයකින් ගැට ගසා සිරකර ඇයගේ හිසට කුඩා ලී වංගෙඩි මෝල් ගසකින් පහර දී ඝාතනය කර දමා සැකකරු ද සිය දිවි නසා ගැනීමට තැත් කර ඇති බවයි සිදු කළ මූලික විමර්ශණවලදී අනාවරණය වී තිබෙන්නේ.
මෙම දෙදෙනාගේ අඩ දබර සම්බන්දයෙන් හෝමාගම පොලිසියේ පැමිනිලි කිහිපයක් මීට පෙර විභාග කර සමථයකට පත් කර යැවීමට කටයුතු කර තිබූ බවද පොලිසිය ප්‍රකාශ කළා.
මෙලෙස ඝාතනයට ලක් ව ඇත්තේ සචිනි මධුවන්ති ජයකොඩි නමැති 30 හැවිරිදි දෙදරු මවක් වන අතර ඇය හෝමාගම ප්‍රදේශයේ ඉන්ධන පිරවුම්හලක ලිපිකාරිනියක ලෙස රැකියාව කර තිබෙනවා.
ඝාතනයට ලක් වූ කාන්තාවගේ් 32 හැවිරිදි සැමියා වන යුධ හමුදා සිවිල් සේවකයෙකු මෙලෙස දිවිනසා ගැනීමට උත්සහ කිරීමේ දී ප්‍රදේශවාසීන් දැක දෙල් ගසේ එල්ලීමට යොදා ගත් කඹය කපා දමා රෝහල් ගත කර ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.
සැකකරු පොලිස් අත්අඩංගුවට ගෙන ඇති අතර නුගේගොඩ පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වනවා.