Gossips

රක්වානේ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මරුට

රක්වාන – උතුරු පනාපිටිය – කහවත්ත ප්‍රදේශයේදී සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
සිය නිවස අසල විදුලි පන්දමක් දැල්වෙන ආකාරය දැක ඒ පිළිබඳව විපරම් කිරීමට නිවසේ දොර විවෘත කර විනාඩි කිහිපයක් තුල මෙම වෙඩි ප්‍රහාරය එල්ල වී ඇති බවයි පොලිසිය සඳහන් කළේ.
ඊයේ රාත්‍රියේ සිදු වූ මෙම වෙඩි තැබීමෙන් මියගොස් ඇත්තේ 47 හැවිරිදි පුද්ගලයෙක්.