Gossips

ඇමරිකානු ජනපතිවරණයට මැදිහත්වී යැයි, රුසියානුවන්ට අධිචෝදනා

2016 ඇමරිකානු ජනාධිපතිවරණය සඳහා බලපෑම් කිරීමට මැදිහත් වූ බවට රුසියානුවන් 13 දෙනෙකුට චෝදනා එල්ල වී තිබෙනවා.
එලෙස අධිචෝදනා ගොනු කර ඇත්තේ ඇමරිකානු එෆ්.බී.අයි. මධ්‍යම ඔත්තු සේවාව සිදුකළ පරීක්ෂණයකින් අනතුරුවයි.
කෙසේ නමුත්, එෆ්.බී.අයි. විශේෂ නියෝජිත රොබට් මුලර් සිදුකළ මෙම පරීක්ෂණය පිළිබදව ට්‍රම්ප් පරිපාලනය අඛණ්ඩව විරෝධය පළ කළා.
රුසියානුවන්ට එරෙහි අධිචෝදනා ඉදිරිපත් කිරීමෙන් පසු ජනපති ට්‍රම්ප් ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේ ජනාධිපතිවරණ ප්‍රචාරක ව්‍යාපාරයේදී තම කණ්ඩායම කිසිදු වරදක් සිදුකර නොමැති බවයි.