Gossips

නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වාට චෝදනාවක්

ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා කුමන්ත්‍රණකාරී වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බවට දුෂණ විරෝධී බලකාය චෝදනා කරනවා.
මහනුවරදී අද ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් එහි මෙහෙයුම් අධ්‍යක්ෂ නාමල් කුමාර චෝදනා කළේ තමන් මේ සම්බන්ධයෙන් පොලිස් කොමිසමට ද පැමිණිලි කරන බවයි.
මෙම ප්‍රවෘත්ති සාකච්ඡාවේදී නාමල් කුමාර සහ නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා අතර සිදුවූ බව කියන දුරකතන සංවාද කිහිපයක හඬ පට ද මාධ්‍ය වෙත නිකුත් කෙරුණා.