Gossips

පුදුකුඩිඉරිප්පු ප්‍රදේශයේ වෙඩි තැබීමකින් සහ පහරදීමකින් 4කට තුවාල

මුලතිව් – පුදුකුඩිඉරිප්පු – කෝම්බාවිල් ප්‍රදේශයේදී ඊයේ රාත්‍රියේ සිදුවූ වෙඩි තැබීමකින් හා පහරදීමකින් පුද්ගලයින් සිව් දෙනෙකු තුවාල ලබා තිබෙනවා.
පොලීසිය පැවසුවේ පෞද්ගලික ආරවුලක මත නිවසකට කඩා වැදුණු පිරිසක් අදාළ නිවැසියන් වෙත කඩු ප්‍රහාර එල්ල කර ඇති බවයි.
එහිදී නිවසේ සිටි පුද්ගලයෙකු ඔවුන්ට ගිනි අවියකින් වෙඩි තබා ඇති බව ද පොලීසිය සඳහන් කළා.
සිද්ධිය සම්බන්ධයෙන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනුනා.