Gossips

හිටපු ආරක්ෂක ලේකම්ගෙන් පැය තුනහමාරක ප්‍රකාශයක්

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ප්‍රකාශයක් ලබාදීමෙන් අනතුරුව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ අද (12) පස්වරු 1.40 ට පමණ ඉන් පිටව ගොස් තිබෙනවා.
මාධ්‍යවේදී කීත් නොයාර් පැහැරගෙන ගොස් පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීමට පැමිණෙන ලෙස එම දෙපාර්තමේන්තුව කර තිබූ දැනුම් දීමකට අනුවයි පෙරවරු 10ට ඔහු අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණියේ.
ඒ අනුව එහිදී පැය තුනකට වැඩි කාලයක් හිටපු ආරක්ෂක ලේකම්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත එම ප්‍රකාශය ලබාදී තිබෙනවා.