Gossips

දුම්වැටියට කැබිනට්ටුවේ මත ගැටුම්

සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න ඉදිරිපත් කළ දුම්වැටි තනි තනි වශයෙන් අලෙවි කිරීම සඳහා වන කැබිනට් පත්‍රිකාව පසුවට කල් තැබීමට අමාත්‍ය මණ්ඩලය ඊයේ තීරණය කළා.
ඒ, මුදල් අමාත්‍ය මංගල සමරවීර ඊට විරෝධය පළ කිරීමත් සමඟයි.
එහිදී මංගල සමරවීර අමාත්‍යවරයා ප්‍රකාශ කර ඇත්තේ දුම්වැටි සඳහා දිගින් දිගටම නීති පැනවීම හමුවේ අලෙවිය විශාල වශයෙන් අඩු වී ඇති බවයි.
එය බදු ආදායමට දැඩි ලෙස බලපා ඇති බවටද ඔහු පෙන්වා දී තිබෙනවා.
කෙසේ වෙතත්, මේ සම්බන්ධයෙන් කමිටුවක් පත් කර නිර්දේශ ලබා ගන්නා තෙක් මෙම කැබිනට් පත්‍රිකාව සාකච්ඡාවට ගැනීම පසුව කල් තැබීමටයි කැබිනට් මණ්ඩලය තීරණය කර ඇත්තේ.