Gossips

විරෝධතා පා ගමනක් හේතුවෙන් බෞද්ධාලෝක මාවතේ දැඩි රථ වාහන තදබදයක්

සංවර්ධන නිලධාරී සේවා සංගමය ආරම්භ කර ඇති විරෝධතා පා ගමනක් හේතුවෙන් බොරැල්ල – කනත්ත වට රවුමේ සිට බෞද්ධාලෝක මාවත දෙසට පිවිසෙන මාර්ගයේ දැඩි රථ වාහන තදබදයක් හටගෙන තිබෙනවා.
වැටුප් විෂමතා ඇතුළු ගැටළු කිහිපයක් මුල් කර ගනිමින් සංවර්ධන නිලධාරී සේවා සංගමය අද (12) පෙරවරුවේ එක්දින සංකේත වර්ජනයක් ආරම්භ කළා.
ඊට සමාගාමීව ඔවුන් පා ගමනින් ගොස් සිය ගැටළු සම්බන්ධයෙන් රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය වෙත සංදේශයක් භාරදීමට ද නියමිතයි.