Gossips

ඉතාලි රැකියා ජාවාරමක් මෙහෙය වූ පුද්ගලයෙකු අත්අඩංගුවට

ඉතාලි රැකියා ලබාදීමේ ජාවාරමක් මෙහෙය වූ පුද්ගලයෙකු මිනුවන්ගොඩ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ, පෑලියගොඩ දිසා අපරාධ කොට්ඨාශයට ලද තොරතුරකට අනුව ඊයේ (11) සිදුකළ වැටලීමකදියි.
සැකකරුගේ නිවසේ තිබී පුරාවිද්‍යාත්මක වටිනාකමකින් යුත් ඉපැරණි බුදු පිළිමයක් ද පොලිසිය සොයාගෙන තිබෙනවා.
47 හැවිරිදි මොහු දිගු කලක් තිස්සේ යතුරුපැදි සොරකම් කිරීමේ ජාවාරමක් ද මෙහෙයවා ඇති බවයි අනාවරණය වී ඇත්තේ.