Gossips

මදන මෝදක ජාවාරමක තොරතුරු හෙළිවෙයි

හිඟුරක්ගොඩ නගරයේ ආයුර්වේද ඖෂධ අලෙවිසලක පාසල් දරුවන් ඉල්ලක්ක කරගනිමින් කලක් තිස්සේ සිදුකල මදන මෝදක ජාවාරමක තොරතුරු අනාවරණ කර ගැනීමට විශේෂ කාර්ය බලකාය සමත්ව තිබෙනවා.
එලෙස පාසල් සිසුන්ට අලෙවි කිරීමට නියමිතව තිබූ මදන මෝදක 300 කට ආසන්න සංඛ්‍යාවක් එම වෙළඳසලේ තිබී සොයාගත් බවයි හිඟුරක්ගොඩ පොලිස් විශේෂ කාර්ය බලකායේ ප්‍රකාශයෙකු හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.
සිද්ධියට සම්බන්ධ සැකකරුවෙකු ද පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.