Gossips

බස් සංගම් සියයට 10 ගාස්තු සංශෝධනයක් ඉල්ලයි

වැඩිවූ ඉන්ධන මිලට සාපේක්ෂව බස් ගාස්තුව සියයට 10 කින් වැඩිකළ යුතු බව සමස්ත ලංකා පෞද්ගලික බස් සමාගම් සම්මේලනය පවසනවා.
එමෙන්ම දැනට අවම ගාස්තුව ලෙස පවතින රුපියල් 12, රුපියල් 15 විය යුතු බවයි එම සම්මේලනයේ ප්‍රධාන ලේකම් අංජන ප්‍රියංජිත් හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.
මේ අතර, අන්තර් පළාත් පෞද්ගලික බස් රථ සංගමය සහ ජාතික ගමනාගමන කොමිෂන් සභාව අතර සාකච්ඡාවක් අද (12) පැවැත්වීමට නියමිතයි.
එහිදී ඉන්ධන මිල වැඩිවීමත් සමඟ බස් ගාස්තු සංශෝධනයක අවශ්‍යතාව සම්බන්ධයෙන් එම කොමිසම දැනුම්වත් කරන බවයි සංගමයේ සභාපති සරත් විජිත කුමාර සඳහන් කළේ.