Gossips

මුහුදු කූඩැල්ලන් සමඟ චීන ජාතිකයෙකු අත්අඩංගුවට

මීගමුව – කිඹුලපිටිය ප්‍රදේශයේ නිවසක බලපත්‍ර නොමැතිව වියලන ලද මුහුදු කූඩැල්ලන් සහ මුහුදු අශ්වයින් අපනයනය කිරීම සඳහා ළඟ තබාගෙන සිටි චීන ජාතිකයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මීගමුව කොට්ඨාශ විෂ මත්ද්‍රව්‍ය ඒකකයේ නිලධාරීන් විසින් ඊයේ (11) සැකකරු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී වියලන ලද මුහුදු අශ්වයින් කිලෝ පහමාරක් සහ මුහුදු කූඩැල්ලන් කිලෝ 33ක් ද සොයා ගත් බවයි පොලීසිය සදහන් කළේ.
සැකකාර චීන ජාතිකයා අද (12) මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.