Gossips

හිටපු ජනපති මහින්ද නවදිල්ලියේදී පිළිගනී

තුන්දින සංචාරයක් සඳහා දිවයිනෙන් පිටත්ව ගිය හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ අද අලූයම ඉන්දියාවේ නවදිල්ලි නුවරට ළඟාවුණා.
ඔහු පිළිගැනීම සඳහා එරට භාරතීය ජනතා පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායක ආචාර්ය සුබ්‍රමනියම් ස්වාමි නවදිල්ලි ගුවන් තොටුපලට පැමිණ සිටි බවයි ඉන්දීය පුවත් සේවා වාර්තා කළේ.
හිටපු ජනාධිපතිවරයා නවදිල්ලියේ පැවැත්වෙන සමුළුවක ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගිවීමටයි ඉන්දියාවට පැමිණියේ.
සංචාරයේදී ඔහු ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ එරට ජාතික ආරක්ෂක උපදේශක අජිත් දොවාල් මෙන්ම එරට එක්සත් ප්‍රගතිශීලී සන්ධානයේ සභාපතිනිය වන සෝනියා ගාන්ධිද හමුවනු ඇති බව ඉන්දීය වාර්තාවල දැක්වුණා.