Gossips

හින්දු කෝවිලේ බිළි පූජා තහනම්

හින්දු කෝවිල් තුළ සත්ත්ව සහ පක්ෂි බිලිපූජා තහනම් කිරීමට අමාත්‍ය මණ්ඩයට ඉදිරිපත් වූ යෝජනාවකට අද කැබිනට් අනුමැතිය හිමිවුණා.
කෝවිල් පරිශ්‍ර තුළ සිදුකරන සත්ව සහ පක්ෂි බිලිපූජා තහනම් කිරීම සඳහා නෛතික විධිවිධාන ස්ථාපිත කළ යුතු බවට නැවත පදිංචිකිරීම් පුනරුත්ථාපන, උතුර සංවර්ධන සහ හින්දු ආගමික කටයුතු අමාත්‍ය ඩී.එම්. ස්වාමිනාදන් විසින් කළ යෝජනාවකට අනුව මෙම තීරණය ගෙන ඇති බවයි වාර්තාවන්නේ.
අදාළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇති අතර, ඊට අනුකූලවන පරිදි නීති කෙටුම්පත් සකස් කරන ලෙස නීති කෙටුම්පත් සම්පාදක වෙත නියම කිරීමටද කටයුතු කරනු ඇති.
මෙවැනි සත්ව හිංසා නියාමනය කිරීමට ආයතන ගත ව්‍යුහයක් නොමැති අතර, කෝවිල් පාලනය තනි පුද්ගලයෙකු හෝ ජනතාව විසින් පත් කළ කළමනාකරණ මණ්ඩලයක් විසින් මෙහෙයවනු ලබනවා.