Gossips

අනවසර සංක්‍රමණිකයින් පිරිසක් නාවික හමුදා අත්අඩංගුවට

මෙම සංක්‍රමණිකයින් ඉදිරි නීතිමය කටයුතු සදහා කොළඹ වරාය පොලිසිය වෙත භාරදුන් බව නාවික හමුදාව ප්‍රකාශ කලා.
මෙම සංක්‍රමණිකයින් ඉන්දියන් සාගරයේ මැඩගස්කරයට නැගෙනහිරින් පිහිටි ප්‍රංශයට අයත් රීයුනියන් දුපතට යාමට උත්සහ කර ඇති බවයි වැඩිදුර ප්‍රශ්ණ කිරිම්වලදි ප්‍රකාශ කර ඇත්තේ.
අත්අඩංගුවට ගත් සංක්‍රමණිකයින් තෝප්පුව, උඩප්පුව, හලාවත, කල්පිටිය, මන්නාරම, මඩකලපුව, අම්පාර සහ මාතලේ යන ප්‍රදේශවල පදිංචිකරුවන් බවයි නාවික හමුදාව සදහන් කළේ. ඔවුන් අතර කාන්තාවක් ද සිටින බව සඳහන්.
මේ අතර නීතිවිරෝධි අන්දමින් ඕස්ට්‍රේල‍්‍රියාවට සංක්‍රමණය වී සිටි ශ්‍රී ලාංකිකයින් 09 දෙනෙකුද එරටින් පිටුවහල් කර අද දිවයිනට එවා තිබුනා.
ඔවුන් යාපනය සහ වවුනියාව ප්‍රදේශවල පදිංචිකරුවන්.