Gossips

දුම්රිය ස්ථානයට පැමිණි කැරළිකරුවන් අත්අඩංගුවට ගත් දියකාවා මෙහෙයුම

දියකාවා ක්ෂේත්‍ර පුහුණු යුද අභ්‍යාසයේ 4 වන දිනය අද උදෑසන වැලිකන්ද දුම්රිය ස්ථානය කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වුනා.
එහිදී ආදර්ශ පුහුණු මෙහෙයුමක් ක්‍රියාත්මක කළ අතර දුම්රිය ස්ථානයට පැමිණි දුම්රියේ මැදිරියක් තුල කැරළිකරුවන් දෙදෙනෙකු සැගව පැමිණ ඇති බවට හමුදා බුද්ධි අංශ වෙත ලැබුනු තොරතුරක් අනුව භට පිරිස් ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳ ආදර්ශ පුහුණුවකුයි පැවැත්වුනේ.
මෙම මෙහෙයුමට විශේෂ බලකා යතුරුපැදි ප්‍රහාරක බලඇණි දෙකක් ක්‍රියාත්මක වු බවයි යුද හමුදා මූලස්ථානය සඳහන් කළේ.
ඔවුන්ගේ සහය සඳහා විදේශීය හමුදා සාමාජිකයන් ද ඇතුලත් නාගරික සටන් ප්‍රහාරක බලඇණිය ද එක්වුනා.
මෙහිදී උපායශීලීව අවම බලය භාවිත කරමින් කැරළිකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගන්නා ආකාරය පෙරහුරුවේ නිරතවු බව යුද හමුදාව ප්‍රකාශ කළා.