Gossips

ශ්‍රී ලංකා සුපිරි ක්‍රීඩක සංගා කියූ අමුතු ම කතාව

ශ්‍රී ලංකා හිටපු සුපිරි ක්‍රීඩක කුමාර් සංගක්කාර පසුගියදා මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්න කිහිපයකට ලබාදුන් පිළිතුරු වෙත මේ වනවිට බොහෝදෙනෙකුගේ අවධානය යොමුව තිබෙනවා.
වත්මන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම යළි නැගීසිටීම පිළිබඳවයි මාධ්‍යවේදීන් එහිදී සංගා ගෙන් විමසා සිටින්නේ.
කෙසේ වෙතත් ඔහු ඊට සියල්ලන් මවිතකළ පිළිතුරක් ලබාදෙමින් පැවසුවේ තමන් මේ දිනවල ක්‍රිකට් තරඟ නරඹන්නේ නැති බවයි.
මේ අතර එම අවස්ථාවේ ශ්‍රී ලංකා කණ්ඩායමේ වත්මන් පුහුණුකරු පිළිබඳව ද මාධ්‍යවේදීන් විසින් ඔහුගෙන් විමසා සිටියා.
එහිදී ඔහු සඳහන් කළේ තමන් මෙම අවස්තාවේ ඒ පිළිබඳව ප්‍රකාශයක් සිදුනොකරන බවයි.