Gossips

අසනීප තත්වයෙන් නිවසක තනිව සිටි කාන්තාවක් රෝහල් ගත කිරීමෙන් පසු මරුට (ඡායාරූප)

අසනීප තත්වයක් හේතුවෙන් මාස ගණනක් පුරා තනිව නිවසක සිටි කාන්තාවක් රෝහල් ගත කිරීමෙන් පසු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
කාලයක් පුරා සොහොයුරන් 7 දෙනෙකුගේ දරුවන් රැක බලා ගනිමින් සිටි මෙම අවිවාහක කාන්තාව අසනීප තත්වයෙන් පාලු නිවසක ආහාර හෝ නොමැතිව සිට ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.
පොලිසියට ලැබුනු තොරතුරකට අනුව මෙම කාන්තාව මාවනැල්ල රෝහලට ඇතුලත් කර ඇති අතර ප්‍රතිකාර ලබා දෙමින් සිටියදී ඇය මරණයට පත්ව තිබෙනවා.
සිය සහෝදරයන්ගේ දරුවන් රැක බලා ගනිමින් සිටි මෙම කාන්තාව ආදායමක් සොයා ගැනීම සඳහා පැදුරු සහ වට්ටි වියා ජීවිකාව ගෙන ගොස් ඇති අතර වසරකට පමණ පෙර ඇය ආබාධයකට ලක්වී ඇතැයි සඳහන්.
එහිදී ඥාතීන් විසින් ඇය පිළිබඳ සොයා බැලීමක් සිදු කර නොමැති අතර ඒ අනුවයි ඇය නිවසේ තනිව ජීවත්වී ඇත්තේ.
ඇය ආබාධිත තත්වයෙන් පසුවන බවට ප්‍රදේශවාසීන් ග්‍රාම නිලධාරීවරයා දැනුවත් කිරීමෙන් පසු පොලිසියට ලැබුනු තොරතුරකට අනුව මෙම කාන්තාව රෝහල් ගත කෙරුනු බවයි අප වාර්තාකරු කියාසිටියේ.
මිය යන විට අවුරුදු 60 ක් වූ ඇය ගොවි තැන් කරමින් මවට පියාට උපස්ථාන කරමින් ඔවුන් මිය යන තෙක් වතු පිටි වල වැඩ කර ජිවිකාව පවත්වාගෙන ගිය කාන්තාවක් බව ප්‍රාදේශවාසින් සඳහන් කර තිබෙනවා.

ඡායාරූප – මාවනැල්ල සමන් විජය බණ්ඩාර