Gossips

ජනබලයට කිරිදුන් පුද්ගලයින්ට දඩුවම් ඉල්ලා සීනිගම දේවකන්නලව්වක්

ජනබලය කොළඹට විරෝධතාවය අතරතුර ලබා දී තිබු කිරි පැකට් තොගයක් විෂවීමේ සිද්ධියට සම්බන්ධ පුද්ගලයින්ට වහා දඩුවම් ලබා දෙන ලෙස ඉල්ලා, සීනිගම දේවාලයේදි අද දේවකන්නලව්වක් සිදු කෙරුණා.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පළාත් සභා සහ පළාත්පාලන මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකු ඊට එක්ව සිටියා.
මේ අතර මෙම කිරි පැකට් විෂවීමේ සිද්ධිය සම්බන්ධයෙන් අද පැවති දකුණු පලාත් සභා මාසික රැස්වීමේදිද උණුසුම් තත්ත්වයක් හට ගත්තා.
ඒ, කිරි පැකට්ටුවක ආකෘතියක් සකසා ගෙන සභාවට පැමිණි එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී චන්න සාලිය මෙන්ඩිස්ට එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් විරෝධය පල කිරිමත් සමගයි.
එසේම, ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන්ගේ දීමනාව ඉහළ දමන ලෙස පුජාපිටිය ප්‍රාදේශීය සභාවේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරයෙකු ඉදිරිපත් කළ යෝජනාවක් එම සභාවේම මන්ත්‍රීවරුන්ගේ විරෝධය නිසා අද සම්මත කර ගැනීමට නොහැකි වුණා.
පුජාපිටිය ප්‍රාදේශීය සභාවේ මාසික සභා රැස්වීම අද වැඩබලන සභාපති ඒ.එල්.එම්. රසාන්ගේ ප්‍රධනාත්වයෙන් පැවති අතර එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී සහ හිටපු විපක්ෂ නායක එස්.එම්. කලීල් විසින් අදාල යෝජනාව ඉදිරිපත් කළා.
ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන්ට දැනට ලබා දෙන රුපියල් 15,000ක දීමනාව රුපියල් 30,000 දක්වා සහ දුරකථන දීමනාව රුපියල් 1000 සිට 4000 දක්වා වැඩි කළ යුතු බවටයි ඔහු යෝජනා කළේ.