Gossips

ළිඳකට වැටීමෙන් පිරිමි ළමයෙකු මරුට (ඡායාරූප)

වැලිකන්ද නව මහසෙන්පුර ප්‍රදේශයේදී ළිඳකට වැටීමෙන් අවුරුදු 14 ක පිරිමි ළමයෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.
ඊයේ මෙම අනතුර සිදුව ඇති අතර එම ළිඳ අඩි 20 ක් පමණ ගැඹුරු එකක් බවයි අප වාර්තාකරු කියාසිටියේ.
මියගිය දරුවාගේ සිරුර ගොඩගෙන ඇත්තේ ජලය ළිඳේ ජලය සම්පුර්ණයෙන් ඉවත් කිරීමෙන් අනතුරුවයි.
මෙම දරුවා මානසික ආබාධයකින් පෙළෙන අයෙක් බවට ද විමර්ශණවලදී අනාවරණ වි තිබෙනවා.

ඡායාරූප – මනම්පිටිය නිමල් ජයරත්න