Gossips

කනගරායම්කුලම් පොලීසියට එරෙහිව විරෝධතාවක් (ඡායාරූප)

වවුනියාව – කනගරායම්කුලම් ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකුට පහරදුන් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට ගිය අවස්ථාවේදී, පොලීසිය එම සැකකරුවන්ට සහ පාසල් ළමයින් දෙදෙනෙකුට පහරදුන් බව පවසමින් අද විරෝධතාවක් පැවැත්වුණා.
කනගරායම්කුලම් පාසල ඉදිරිපිට පැවති මෙම විරෝධතාවට දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ශිවශක්ති ආනන්දන් සහ ශාන්ති ශ්‍රී සන්දරාසා එක්ව සිටි බවයි වාර්තාවන්නේ.
එමෙන්ම පාසල් සිසුන් සහ දෙමව්පියන් ද එම විරෝධතාවට එක්ව සිටි බව සඳහන්.

ඡායාරූප – වන්නි රොමේෂ් මදුෂංක