Gossips

කථානායකවරයා ඉන්දීය විදේශ ඇමතිනිය හමුවේ

ඉන්දියාවේ සංචාරයක නිරතව සිටින කථානායක කරූ ජයසූරිය ඇතුලූ දූත පිරිස අද එරට විදේශ ඇමතිනි සුෂ්මා ස්වරාජ් හමුවී තිබෙනවා.
එහිදී ඉන්දීය විදේශ ඇමතිනිය සහ කථානායකවරයා අතර ක්‍ෂේත්‍ර ගණනාවක් සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරුණු බවයි කථානායක මාධ්‍ය අංශය සඳහන් කළේ.
එහිදී ශ්‍රී ලංකාවේ සමබර රාජතාන්ත්‍රික ප්‍රතිපත්ති අගය කළ ඉන්දීය විදේශ ඇමතිනිය ඉදිරියටත් මිත්‍රශීලී බවෙන් යුතුව ශ්‍රී ලංකාවට සහය වන බවත් ප්‍රකාශ කර ඇති බව සඳහන්.