Gossips

ජොන්ස්ටන් ඇතුළු තුන්දෙනෙකුට එරෙහි නඩුවේ සාක්ෂි විභාගය ඇරඹේ

සතොස මුදල් අවභාවිත කිරීමේ චෝදනා එල්ල වූ හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු සැකකරුවන් තුන්දෙනා අද යළි රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.
ඒ, ඔවුන් කුරුණෑගල මහාධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.
නඩුවේ සාක්ෂි විභාග කිරීමේ කටයුතු අද ආරම්භ වූ අතර එය හෙට යළි විභාගයට ගැනෙනවා.
සතොස ආයතනයේ රුපියල් මිලියන 5කට අධික මුදලක් අවභාවිතා කළ බවට චෝදනා එල්ල වන මෙම නඩුව අවසන් වන තුරු හිටපු හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු සැකකරුවන් රක්ෂිත බන්ධනාගාරගත කිරීමටයි අධිකරණය පසුගිය දා නියෝග කළේ.