Gossips

වැලිකන්දේ පියෙකු, පුතුන් දෙදෙනා සමඟ දුම්රිය පැන්න හේතුව හෙළිවෙයි (ඡායාරූප)

පියෙකු තම පුතුන් දෙදෙනා සමඟ මඩකලපුව සිට කොළඹ බලා ධාවනය වූ දුම්රියකට පැන සිය දිවි හානිකරගත් පුවතක් ඊයේ (10) රාත්‍රියේ පොළොන්නරුව – වැලිකන්ද – බෝවත්ත ප්‍රදේශයෙන් වාර්තා වුණා.
මෙලස මිය ගිය පුද්ගලයා 40 හැවිරිදි වියේ පසුවූ තිදරු පියෙක් වන අතර පුතුන් දෙදෙනා 11 හැවිරිදි සහ පස් හැවිරිදි වියේ පසුවනවා.
පවුල් ආරවුලක් හේතුවෙන් මෙය සිදුව ඇති බවටයි දැනට සිදුකරන ලද පරීක්ෂණවලින් අනාවරණ වී ඇත්තේ.
මෙලෙස මියගිය පුද්ගලයාගේ බිරිඳ මීට මාස 07කට පමණ පෙර සිය 18 හැවිරිදි වැඩිමල් පුත්‍රයා සමඟ රැකියාවක් සඳහා කොළඹ ප්‍රදේශයට පැමිණ තිබෙනවා.
මිය ගිය පුද්ගලයාගේ බිරිඳ මෙන්ම වැඩිමහල් පුතු ද එකම ස්ථානයක සේවය කර ඇති අතර, මාස 7කින් නිවසට පැමිණ තිබුණේ නැහැ.
ඒ අනුව මිය ගිය පුද්ගලයා අවස්ථා කිහිපයකදී රැකියාවෙන් ඉවත් වී නිවසට පැමිණෙන ලෙස බිරිඳට දැනුම් දී තිබෙනවා.
නැවත ඔවුන් නිවසට ගෙන්වා දෙන ලෙස ඉල්ලා සැමියා විසින් ඊයේ (10) වැලිකන්ද පොලිසියට පැමිණිල්ලක් කර ඇති බව සඳහන්.
ඒ අනුව පොලිසිය චිසින් අදාල කාන්තාවට දුරකථන ඇමතුමක් ලබාදී ඇති අතර එහිදී ඇය පවසා ඇත්තේ තවත් මාස කිහිපයකින් නිවසට පැමිණෙන බවයි.
කෙසේ වෙත්ත ඇතිව ඇති මෙම තත්වය මත අදාල පුද්ගලයා අනෙක් දරු දෙදෙනා සමඟ ඊයේ රාත්‍රියේ මෙලෙස දුම්රියට පැන සිය දිවි හානිකර තිබෙනවා.

ඡායාරූප – මනම්පිටිය, නිමල් ජයරත්න
rnrnrnrn