ඉදිරි මැතිවරණය සඳහා නව සන්ධානයකින් තරඟ කිරීමට එක්සත් ජාතික පක්ෂය ඇතුළු පක්ෂ කිහිපයක් එකඟතාව පළ කර ඇති බව ප්රජාතන්ත්රවාදී ජනතා පෙරමුණේ නායක, අමාත්‍ය මනෝ ගනේෂන් පවසනවා.
හිරු ප්රවෘත්ති අංශය වෙත අදහස් දක්වමින් ඔහු කියා සිටියේ එම නව සන්ධානයට නව පක්ෂ ලාංඡනයක් ද බොහෝදුරට ඇතුළත් විය හැකි බවයි.
එමෙන්ම එක්සත් ජාතික පක්ෂ නායක, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ද අදාළ සන්ධානය සඳහා පසුගිය දා එකඟතාව පළ කළ බවයි අමාත්‍ය මනෝ ගනේෂන් වැඩිදුරටත් සඳහන් කළේ.