Gossips

කහටගස්දිගිලියේ තද සුළඟකින් නිවාස 29කට හානි

කහටගස්දිගිලිය – හල්මීගල්ල ප්‍රදේශය හරහා ඊයේ පස්වරුවේ හමා ගිය තද සුළං තත්ත්වයක් හේතුවෙන් නිවාස 29කට හානි සිදුව තිබෙනවා.
ඉන් පීඩාවට පත් පුද්ගලයින් සඳහා අවශ්‍ය පහසුකම් සැලසීමට මේ වන විට පියවර ගනිමින් සිටින බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ.
මේ අතර, දැඩි වියළි කාලගුණ තත්ත්වයකට මුහුණ දී සිටින උතුරුමැද, නැගෙනහිර සහ ඌව පළාතේ ස්ථාන කිහිපයකට ඊයේ වැසි ඇද හැලී තිබුණා.
කෙසේ වෙතත්, වියළි කාලගුණය හේතුවෙන් පුද්ගලයන් හය ලක්ෂ 70,000කට වැඩි පිරිසක් පීඩාවට පත්ව සිටිනවා.
මේ මස අවසානයේ හෝ ලබන මස මුල් කාලසීමාව තුළ දී පවතින වියළි කාලගුණ තත්ත්වය නිමා කරමින් වැසි බලාපොරොත්තු විය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අනාවැකිරණ අංශයේ අධ්‍යක්‍ෂිකා අනූෂා වර්ණසූරිය හිරු ප්‍රවෘත්ති අංශයට ප්‍රකාශ කළේ.