Gossips

සීතල යුද්ධයෙන් පසු රුසියාවෙන් විශාලතම යුද අභ්‍යාසයක්

ඇමරිකාව සමඟ සීතල යුද්ධයෙන් පසු රුසියාව පවත්වන විශාලතම යුද අභ්‍යාසය අද (11) ආරම්භ වනවා.
වොස්ටෝක් 2018 නමින් හඳුන්වන මෙම යුද අභ්‍යාසය ලබන 17 වන දා දක්වා පැවැත්වෙන බවයි විදෙස් වාර්තා පවසන්නේ.
නැගෙනහිර සයිබීරියාවේ පැවැත්වෙන මෙම යුද අභ්‍යාසය සඳහා ලක්ෂ 3ක ආරක්ෂක භටයින් එක්වනවා.
චීනය, මොංගෝලියාව යන රටවල්වල ආරක්ෂක භටයින් 3000ක් ඊට එක්වීම ද විශේෂත්වයක්.