Gossips

සාමාන්‍ය පෙළ විභාගයේ නැවත සමීක්ෂණවල ප්‍රතිඵල අද රාත්‍රියේ අන්තර්ජාලයට

2017 අ.පො.ස සාමාන්‍ය පෙළ නැවත සමීක්ෂණ ප්‍රතිඵල අද(10) රාත්‍රියේ අන්තර්ජාලයට මුදාහරින බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා.
ඊට අදාල ප්‍රතිඵල ලේඛන මෙම සතිය තුළ පාසල්වෙත තැපැල් මගින් යොමු කිරීමට පියවර ගන්නා බවයි විභාග දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ.
පසුගිය වසරේ දෙසැම්බර් මාසයේ පැවති සාමාන්‍ය පෙළ විභාගයට අපේක්ෂකයින් හය ලක්ෂ 88, 573 දෙනෙකු පෙනී සිටි අතර, ඉන් සියයට 73.05ක් උසස් පෙළ හැදෑරීමට සුදුසුකම් ලබා ඇති බවයි විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ.