රට තුළ වගා කළ හැකි ආහාර භෝග විවිධ ජාවාරම්කරුවන්ට අවශ්‍ය ලෙස පිටරටින් ගෙන්වීම වහාම නතර කරන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන බලධාරින්ට උපදෙස් ලබාදී තිබෙනවා.
ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කර ඇත්තේ අද (10) පෙරවරුවේ හම්බන්තොට මාගම්පුර රුහුණු ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේ පැවති උත්සවයකට එක්වෙමින්.
මෙහිදී අදහස් දැක්වූ ජනාධිපතිවරයා වැඩිදුරටත් සදහන් කර ඇත්තේ ගිං- නිල්වලා ව්‍යාපෘතියේ සිදුවූවා යැයි පැවසෙන මූල්‍ය අක්රමිකතාවයන් පිළිබඳ වත්මන් රජය යටතේ ද නැවත පරික්ෂණයක් ආරම්භ කිරීමට කටයුතු කරන බවයි.