Gossips

සංවර්ධන නිලධාරීන් අනිද්දා වර්ජනයක

විවිධ අමාත්‍යාංශය, දෙපාර්තමේන්තුව, ආයතන සහ පළාත් සභාවලට අනුයුක්තව සේවය කරන සංවර්ධන නිලධාරීන් අනිද්දා දීප ව්‍යාප්ත වර්ජනයක් ක්‍රියාත්මක කිරීමට සූදානම් වනවා.
සංවර්ධන නිලධාරීන්ගේ ඒකාබද්ධ වෘත්තිය සමිති පෙරමුණ ප්‍රකාශ කළේ රාජකාරි කටයුතු නිසියාකාරයෙන් ඉටුකිරීමට අවශ්‍ය පසුබිම බලධාරීන් විසින් සකස් නොකිරීම සහ වැටුප් ගැටළු කිහිපයක් මුල් කරගනිමින් අනිද්දා පෙරවරු අටේ සිට මෙම එක්දින සංකේත වර්ජනය ක්‍රියාත්මක කරන බවයි.
ඒ සම්බන්ධයෙන් අදාළ අංශය සමඟ පසුගිය කාලය තුළ සිදුකළ සාකච්ඡාවලින් විසදුමක් නොලැබුණු බව ද ඔවුන් කියා සිටියා.