Gossips

කථානායකවරයා, ඉන්දීය අගමැති හමුවේ

ඉන්දීය පාර්ලිමේන්තුවේ විශේෂ ආරාධනයකට අනුව එරට බලා පිටත් වූ කථානායක කරු ජයසූරිය, නවදිල්ලි නුවර දී ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි හමුවී තිබෙනවා.
එහිදී ඔවුන් ද්වි පාර්ශවික සාකච්ඡාවල නිරත වූ බවයි කථානායක කාර්යාලය සඳහන් කළේ.
මෙම සංචාරය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් විපක්ෂ නායක ආර්. සම්බන්ධන් ඇතුළු මැති ඇමතිවරුන් කිහිප දෙනෙකුම එක්ව සිටිනවා.