Gossips

ලංකාවම හඬවමින් පුද්ගලයන් 3000ක් සිය දිවි හානිකරගත් හැටි

ශ්‍රී ලංකාවේ වාර්ෂිකව සිය දිවි නසා ගැනීම් 3000කට අධික ප්‍රමාණයක් වාර්තා වන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා.
සිය දිවි නසා ගැනීම් වැළැක්වීමේ ජාත්‍යන්තර දිනය අදට යෙදී ඇති අතර, ඒ වෙනුවෙන් නිවේදනයක් නිකුත් කරමිනුයි එම අමාත්‍යාංශය මේ බව සඳහන් කළේ.
පසුගිය වසරේ මෙරට පිරිමි පුද්ගලයින් 2586 දෙනෙකු සහ කාන්තාවන් 677 දෙනෙකු සිය දිවි නසාගෙන තිබෙනවා.
මෙලෙස සියදිවි හානිකරගත් පිරිස අතරින් සියයට 19 ක් විවාහ ජීවිතයේ ඇතිවී ගැටළු හේතුවෙන් සියදිවි හානිකරගෙන ඇති බවයි එම වාර්තාවේ දැක්වෙන්නේ.
මේ අතර සියයට 11.6 ක පිරිසක් කල් පවත්නා රෝගාබාධ හේතුවෙන් සියදිවි හානිකරගෙන තිබෙනවා.
ඉන් මානසික රෝගීන් සියයට 10 ක් සියදිවි හානිකරගෙන ඇති බවයි එම වාර්තාවේ දැක්වෙන්නේ.
මෙලෙස සියදිවි හානිකරගෙන ඇති පිරිසෙන් ප්‍රතිශතයක් ලෙස සියයට 35.18ක් සියදිවි හානිකරගැනීමට හේතුව නිශ්චිත නොවීමත් විශේෂත්වයක්.
අදාළ නිවේදනය මගින් සෞඛ්‍ය අමාත්‍යාංශය වැඩිදුරටත් පෙන්වා දෙන්නේ කිසිදු ගැටළුවක් හමුවේ සියදිවි හානිකරගැනීම මිනිසෙකු ලෙස නොකළ යුතු අතර ගැටළුවලට මුහුණදීම වඩා වැදගත් බවයි.