Gossips

කීත් නොයාර්ට පහර දීමේ සිද්ධියට රිමාන්ඩ් කර සිටි හිටපු හමුදා බුද්ධි අධ්‍යක්ෂට ඇප

මාධ්‍යවේදී කීත් නොයාර් පැහැර ගැනීමේ සිද්ධියට අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් කර සිටි හිටපු හමුදා බුද්ධි අධ්‍යක්ෂ, විශ්‍රාමික මේජර් ජෙනරාල් අමල් කරුණාසේකර මාස 05කට පසු අද ඇප මත මුදාහැරුණා.
ඒ, ඔහු ඉදිරිපත් කළ ඇප අයදුම්පත ගල්කිස්ස අතිරේක මහේස්ත්‍රාත් ලෝචනා අබේවික්‍රම හමුවේ සලකා බැලූණු අවස්ථාවේදීයි.
ඒ අනුව රුපියල් ලක්ෂ 100 බැගින් වූ ශරීර ඇප 3 ක් මත මොහු මුදාහැරීමටයි අතිරේක මහේස්ත්‍රාත්වරිය නියෝග කළේ.
එමෙන්ම ඇප ලබාදීමේදී එක් පුද්ගලයෙකු රාජ්‍ය සේවයේ විධායක නිලධාරියෙකු විය යුතු බවටද නියෝග කෙරුණා.
2008 වසරේ මැයි මස 22 වනදා දෙහිවල ප්‍රදේශයේදී මාධ්‍යවේදී කීත් නොයාර් පැහැරගෙන ගොස් පහරදී තිබුණා.
එම සිද්ධියට අනුබලදීමේ චෝදනාව මත හිටපු හමුදා බුද්ධි අධ්‍යක්‍ෂ විශ්‍රාමික මේජර් ජෙනරාල් අමල් කරුණාසේකර අත්අඩංගුවට ගනු ලැබුවේ පසුගිය අප්‍රේල් මස 5 වනදායි.