Gossips

දිනේෂ් චන්දිමාල්ට ආසියානු කුසලානය මඟහැරේ

ආසියානු කුසලාන එක්දින තරගාවලිය සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ දිනේෂ් චන්දිමාල් සහභාගි නොවන බව ක්‍රිකට් ආරංචි මාර්ග පවසනවා.
ඒ, ඔහුගේ ඇගිල්ලක ඇති වූ ආබාධය හේතුවෙන්.
මෙම තරඟාවලිය සඳහා ක්‍රීඩකයින් 16 දෙනෙකුගෙන් සමන්විත සංචිතයක් පසුගියදා නම් කළ අතර එම සංචිතයට දිනේෂ් චන්දිමාල්ගේ නම ද ඇතුළත්.
මේ අතර සිය බිරිඳගේ දරු ප්‍රසූතිය වෙනුවෙන් ආසියානු කුසලාන තරඟාවලියේ පළමු අදියරෙන් ඉවත්වීමට දඟ පන්දු යවන ක්‍රීඩක අකිල ධනංජය ක්‍රිකට් ආයතනයෙන් ඉල්ලීමක් කර තිබෙනවා.
ආසියානු කුසලාන එක්දින තරගාවලිය ලබන 15 වන දා ඩුබායි හිදී ආරම්භ වීමට නියමිතයි.