Gossips

සිව් හැවිරිදි දරුවෙක් බිළිගත් අනාරක්ෂිත කාණුව (ඡායාරූප)

අම්පාර, බක්කිඇල්ල ප්‍රදේශයේදී අනාරක්ෂිත කාණුවක තිබූ වලකට වැටී කුඩා දරුවෙක් මියගොස් තිබෙනවා.
මෙලෙස මියගොස් ඇත්තේ මනුහස් සංකල්ප නමැති වයස අවුරුදු හතරක පිරිමි දරුවෙක්.
වාරිමාර්ග දෙපාර්මේන්තුව විසින් ජලය ගෙනයාම සදහා හාරන ලද කාණුවක තිබූ වලකට වැටී දරුවාට මෙම අනතුර සිදුව ඇත්තේ ඊයේ (09) පස්වරුවේයි.
දින පහකට පමණ පෙර මෙම වල කපා ඇති ඇතත් එය වටා ආරක්ෂිත වැටක් ඉදිකර නොතිබිම හේතුවෙන් මෙම අනතුර සිදුව ඇති බවයි ප්‍රදේශ වසින් පවසන්නේ.
අනතුර පිළිබදව බක්කිඇල්ල පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනවා.

ඡායාරූප – අම්පාර, වසන්ත චන්ද්‍රපාල