Gossips

update – ගෝඨාභය රාජපක්ෂට ඇප

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඇතුළු පුද්ගලයින් 7 දෙනෙකු විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය විසින් ඇප මත මුදා හැර තිබෙනවා.
ඩී.ඒ රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදිකිරීම සඳහා රජයේ මුදල් අවභාවිතා කළ බවට චෝදනා එල්ල වී ඇති හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඇතුළු පුද්ගලයින් 7 දෙනෙකු අද විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය ඉදිරියේ පෙනී සිටියා.
update : – 2018 -09-10, 10.20 am
……………………………………………………………………………
ගෝඨාභය රාජපක්ෂ විශේෂ මහාධිකරණයට පැමිණේ
තංගල්ල – වීරකැටිය – මැදමුලන ඞී.ඒ. රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදිකිරීමේදී රුපියල් මිලියන 33 ක් අවභාවිතා කළ බවට අධි චෝදනා එල්ල වූ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඇතුලූ හත්දෙනා මේ වනවිට විශේෂ මහාධිකරණයට පැමිණ තිබෙනවා.
මොවුන් විරුද්ධව නීතිපතිවරයා අධිචෝදනා 07ක් යටතේ විශේෂ මහාධිකරණය හමුවේ නඩු පවරනු ලැබුවේ පසුගිය 24 වනදායි.
ඒ් අනුව අද දිනයේ ගෝඨාභය රාජපක්ෂ ඇතුළු පිරිසට විශේෂ මහාධිකරණය හමුවේ පෙනී සිටින ලෙසයි නියෝග කෙරුණේ.
මෙම ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය හමුවේ කැදවනු ලබන දෙවන නඩු විභාගය මෙය වනවා.