Gossips

නව හැවිරිදි දැරියක් දූෂණයකර මරා දැමූ 06ක් අත්අඩංගුවට

ඉන්දියාවේ පාලිත කාශ්මීරයේ අවුරුදු නවක් දැරියක්‌ සමූහ දූෂණයට ලක්‌ කර ඝාතනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකකරුවන් 06 දෙනෙකු එරට පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඉන්දීය පොලිස් නිලධාරින් පවසන්නේ දූෂණයට ලක්‌වූ දැරියගේ පියාගේ පෙර විවාහයේ බිරිඳ, ඇයගේ 14 හැවිරිදි පුත්‍රයා ඇතුළු තවත් තිදෙනෙකුට තමන් බලා සිටියදීම දැරියව දූෂණය කරන ලෙසට පොළඹවා ඇති බවයි.
පසුගිය සතියේ කැලෑවක්‌ තුළ තිබී දූෂණය කර මරා දැමූ දැරියගේ සිරුර හමුව තිබෙනවා.
පොලීසිය පවසන්නේ ඇයට නොයෙක්‌ වධ හිංසාකර තිබූ අතර ඇසිඩ් දමා සිරුර පුළුස්‌සා තිබූ බවයි.
සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා එල්ලවී තිබෙන කාන්තාව ඇයගේ ස්‌වාමි පුරුෂයාගේ දෙවෙනි බිරිඳ සහ ඇයගේ දරුවන් ගැන වෛරයෙන් පසුවූ බව ඇති අතර පියා මෙම දැරියට අනෙකුත් දරුවන්ට වඩා ඇල්මක්‌ දැක්‌වීම මෙයට හේතු වී ඇති බව සඳහන්.
දැරිය සමූහ දූෂණයට ලක්‌ කිරීමෙන් අනතුරුව පොරොවකින් පහරදී ඇය ඝාතනය කර ඇති බවට කරුණු අනාවරණය වී තිබෙනවා.