Gossips

අධික උෂ්ණත්වය මේ මස අවසානය තෙක්

පවතින අධික උෂ්ණාධික කාලගුණ තත්ත්වය මේ මස අවසානය තෙක් පැවතිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
එහි අනාවැකිරණ අංශයේ අධ්‍යක්‍ෂිකා අනූෂා වර්ණසූරිය සඳහන් කළේ සුළෙඟ් වේගය අඩුවීම සහ වළාකුළු රහිත අහසක් පැවතීම අධික ඌෂ්ණත්වයට හේතුවී ඇති බවයි.
කෙසේ වෙතත් පවතින වියලි කාලගුණය නිමාවට පත් කරමින් අද දිනයේ උතුර, උතුරුමැද, නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වලට වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.
මේ අතර පවතින වියළි කාලගුණ තත්ත්වය හේතුවෙන් ලක්ෂ 6 කට වැඩි පිරිසක් පීඩාවට පත්ව ඇති බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ.
වියළි කාලගුණයෙන් වැඩිම බලපෑම් එල්ල වී ඇත්තේ උතුරු පළාතටයි.
කුරුණෑගල, පොළොන්නරුව, අනුරාධපුර, අම්පාර, මඩකලපුව සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලට ද වියළි කාලගුණයෙන් බලපෑම් එල්ල වී තිබෙනවා.
එමෙන්ම වියළි කාලගුණ තත්ත්වය හමුවේ ජලය අරපිරිමැස්මෙන් භාවිත කරන ලෙසටයි ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය ජනතාවගෙන් ඉල්ලා සිටියේ.